"භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

MAR 29, 202240 MIN
The Maha Arahant Mahanuwara Wajirabuddhi

"භාවනාවෙන් තොරව නිවන් දැකිය හැකිද?" - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

MAR 29, 202240 MIN

Description

බුදු දහම තුළ "භාවනාව" (සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි) යනු කුමක්ද? භාවනාවට යොමුවිය යුත්තේ ඇයි?.... නීවරණවලින් වැසුනු මනසින් යථා ස්වභාවය දැකිය හැකිද?...භාවනාව බමුණු සංකල්පයක් ලෙස හෙළා දකිමින්, නිර්මල බුදු වදන විකුර්ති කරමින් සමාජයේ පතුරවන මිත්‍යාවත්, බුදුන්වන්සේ පහලවීමට පෙර පැවති භාවනා ක්‍රම සහ බුදුන්වහන්සේ විසින් ලෝකයට හඳුන්වාදුන් "සම්මා සමාධිය" කුමක්ද? අද ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන්මග ගවේශනය කරන්නන්හට භාවනාව පිළිබඳව පැනනැගී ඇති ගැටළුවලට පිළිතුරුද, එමෙන්ම බුද්ධ ශාසනයක් තුළදී පමණක්ම හමුවන, එකම පර්‍යන්කයක් තුළ අර්හත්වය දක්වා රැගෙන යන, ගෞතම බුදුන් වහන්සේ නිවන් දුටු ආනාපාන සති භාවනාව පිළිබඳවද ඕනෑම කෙනෙකුට දින හතකින් රහත්විය හැකි, සම්මා සම්බුදු වරයෙකුගේ විශිෂ්ටතම සහ ඒකායන ඉගැන්වීම වන සතිපට්ඨාන භාවනාව පිළිබඳවද අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම සදහම් විවරණයන්ද, සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින යුගයක මෛත්‍රී භාවනාව වැඩිය යුතුද? එමෙන්ම මෛත්‍රී භාවනාව නිර්වාණ අවබෝධය සදහා උපකාරී නොවන බව පැහැදිළි කරමින් සූත්‍රපිටකය අනුසාරයෙන් සිදුකළ එම ශාස්ත්‍රීය විග්‍රහයද, ඒකායන නිවන් දොරටුව, මහා සතිපට්ඨාන භාවනාවම පමණක් බවත්, එයින් බැහැරව වෙනත් කිසිඳු භාවනාවකින් නිවන් දැකීම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ වදාළ බව සූත්‍රපිටකය අනුසාරයෙන් පැහැදිලි කරමින්, අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් සිදුකළ එම ධර්ම විවරණයන්ද මෙම "භාවනාව" යන දේශනාමාලා කාණ්ඩයේ පිළිවෙලින් ඇතුළත්වේ.ඉහත දේශනාවේ YouTube ලින්ක් එක (සිංහල):https://youtu.be/VVh_36V7Nswගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. වෙබ් පිටුව:https://www.mahanuwara-wajirabuddhi-thero.org/siෆේස්බුක් පිටුව (THE PATH TO NIBBĀNA):https://www.facebook.com/ThePathToNibbana/  ෆේස්බුක් පිටුව (සම්මා දිට්ඨි - Sammā Ditthi): https://www.facebook.com/WajirabuddhiTheroSammaDitthiයූටියුබ් නාලිකාව:https://www.youtube.com/channel/UCwTkvCz1d-3F1bXbqzfedVQවට්සැප් අංකය: +94 74 077 1333